So Hungry

So Hungry Catering and takeaway - Bologna 🇮🇹

19 වෙනි ඉරිදා දිනයේ අපේ මේනු එක ලබා දෙන්න බැරි වුනානේ ඉතින් ඔයාලට ඒ මෙනු එකම මේ බදාදා (22/07) දිනයේ ලබාගන්න පුලුවන් .......
20/07/2026

19 වෙනි ඉරිදා දිනයේ අපේ මේනු එක ලබා දෙන්න බැරි වුනානේ ඉතින් ඔයාලට ඒ මෙනු එකම මේ බදාදා (22/07) දිනයේ ලබාගන්න පුලුවන් .... 💫✨🥰
✨💫

හෑල්ලක් ලියන්නම හිතුන පින්තූර ටිකක් දකිද්දි ඒ හෑල්ල නොලියා කොමද නේද  උදේ වැඩට ගිහින් වැඩකරන අතර තුර පුරුද්දක් විදියට හෙම...
17/07/2026

හෑල්ලක් ලියන්නම හිතුන පින්තූර ටිකක් දකිද්දි ඒ හෑල්ල නොලියා කොමද නේද
උදේ වැඩට ගිහින් වැඩකරන අතර තුර පුරුද්දක් විදියට හෙමිහිට මුහුණු පොත පැත්තේ පොඩි රවුමක් දාන්න ගිහාම. studio lokkaiya මොනාලි නන්ගිගේ Marc පුතාගේ පාටි එකේ පෙටෝස් දාලා තිබුනා.
ඒ පින්තූර අස්සේ අපේ කේට්‍රින්ග් එකේ පොටොසුත් තියනවා දැක්කාම ඇස් වලට කදුලු ආවේ නැ කිවුවොත් ඒක බොරුවක් ඇත්තටම ඒ පින්තූර මගේ ඇස් බොද කරා.ඒවා ඒ තරමටම ලස්සනයි.
මේ ගමන මේ විදියට මෙතෙන්ට එන්න අපි දෙන්නා කොච්චර නම් මහන්සි උනාද මොන තරම් දේවල් කැප කරාද අද මේ මුහුණු පොතේ පින්තූරයක මේ විදියට දිලිසෙන්නෙ ඒ මහන්සිය
නිදි නැති රැයවල්,පිච්චුන අත්,ඒවායේ කැලැල්
මිස් වුන ලස්සන සති අන්තයේ දවස්,
ගමකට උයලා බඩගින්නේ හිටිය දවස්
දාහක් වැඩ කරලා එක වරදකට බැනුම අහලා හිත කඩා වැටුන දවස් මෙච්චරයි කියලා කියන්න බෑ.
දැන් නම් මට හිතෙනවා Mister Kottu එකේ අයිති කාරයා අපේ චාමාට වැඩිය හොදයි කියලත් මොකද සමහර දවස් තිබුනා ඒ තරමටම මම බැනුම් අහන 😂😂
මේ කෑම මේ තරමටම රසවත් වෙලා එන්නේ ඒ බැනුම් හින්දමද කොහෙද 😂
ඉතින්
මට මම ගැනම ආඩම්බරයි🥰පලමුවෙන්ම මාගේ දෙවියන් වහන්සේට මම ස්තූති කරනවා මාගේ දෙයත් ශක්තිමත් කර ආශිර්වාද කරනවාට 🙏
මගේ ආදරනීය අම්මාට සහ එයාගේ පරම්පාරාවටම ස්තුතියි ඔයාලට උරුම ඒ ජාන වලින්ම එන හැකියාව මටත් ඒ විදියටම උරුම කර දුන්නාට.දේශානි නන්ගි ඔයාටත් මහ ගොඩාක් ස්තුතියි මගේ හීනේ ලස්සනට පාට කරලා මේ ලෝගේ එක මෙහෙම මට තෑග්ගක් විදියට ගෙනත් දුන්නාට 🙏
මගේ චාමෝ ඔයාටත් ගොඩාක් ස්තුතියි වැටෙන්න යන තැන් වලදි වැටෙන්න නොදි මාව දරාගන්නවට🥰
"හදවතින්ම පිළියෙළ කරන රසවත් කෑම වේලක රහස.❤️👩‍🍳
ව්‍යාපාරයක් කරගෙන යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැමදේම අපේම අතින්, නියමිත ප්‍රමිතියට සහ පිරිසිදුවට කරන්න මම හැම තත්පරයකදීම ලොකු මහන්සියක් වෙනවා. වෙලාවකට මහන්සි දැනුනත්, මගේ කෑම වේලක් රස බලලා ඔයාලා දෙන හොඳ ප්‍රතිචාර (Reviews) දකිද්දී ඒ හැම මහන්සියක්ම මොහොතකින් නැති වෙලා යනවා.
'So Hungry - The Best From Homemade' කියන නම යටතේ මම හැමදාම උත්සාහ කරන්නේ මගේම පවුලේ අයට උයනවා වගේම ආදරයෙන් සහ ගුණාත්මකව ඔයාලටත් කෑම වේලක් දෙන්නයි. මගේ මේ පුංචි උත්සාහය අගය කරන, මාත් එක්ක ඉන්න මගේ ආදරණීය පාරිභෝගිකයින් හැමෝටම මගේ හදවතින්ම ස්තුතියි! ඉදිරියටත් මේ විශ්වාසය ඒ විදිහටම රකින්නSo Hungry අපි කැපවෙනවා. 🥰"
ගොඩාක් ස්තුතියි Studio Lokkaiya ලස්සනම ලස්සන පොටෝස් අරන් දුන්නට🙏
ඒ වගේම So Hungry අපි ගැන තියපු විස්වාසයට Monali Perera නන්ගි ඔයාටත් ගොඩාක් ස්තුතියි ❤️

හෙට සෙනසුරාදාට so hungry මික්ස් රයිස් & බයිට් වර්ග  ඇත ..ඔබගේ ඇනවුම් අද අපිට කියන්න ...
17/07/2026

හෙට සෙනසුරාදාට so hungry මික්ස් රයිස් & බයිට් වර්ග ඇත ..
ඔබගේ ඇනවුම් අද අපිට කියන්න ...

19/07 මේ ඉරිදා මේනු.....
17/07/2026

19/07 මේ ඉරිදා මේනු.....

11/07/2026
ඉදිආප්ප සමග පොල්සම්බෝල ..... 💫✨
11/07/2026

ඉදිආප්ප සමග පොල්සම්බෝල ..... 💫✨

මේ ඉරිදා (12/07) මේනුව....✨💫        💫✨
09/07/2026

මේ ඉරිදා (12/07) මේනුව....✨💫
💫✨

Address

Bologna

Website

Alerts

Be the first to know and let us send you an email when So Hungry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Restaurant?

Share