10/07/2026
Tier cake එකක ලස්සන design එකට වඩා වැදගත් වෙන්නේ ඒකේ strength එකයි. Support එක හරියට දාන්න ගන්න විනාඩි කිහිපය, පසුව ඇතිවෙන්න පුළුවන් ලොකු ගැටලු වළක්වනවා.”
* පහළ තට්ටුව සම්පූර්ණයෙන්ම stable වෙලා තියෙනවාද කියලා මුලින්ම බලන්න.
* Dowels (supports) නිවැරදි උසට කපලා, කේක් එකට සම මට්ටමට දාන්න. උස වැඩි හෝ අඩු නම් උඩ තට්ටුව ඇල වෙන්න පුළුවන්.
* Center board එක (cake board) හොඳ තත්ත්වයේ සහ ශක්තිමත් එකක් භාවිතා කරන්න.
* දෙවැනි තට්ටුව ඔසවද්දී අත් දෙකෙන්ම අල්ලලා, මැදටම සෙමින් තබන්න.
* ඉක්මන් නොවී, මැදට align වෙලාද කියලා සියලු පැතිවලින් පරීක්ෂා කරන්න.
* Buttercream cake එකක් නම් හොඳට chill කරලා සවි කරන්න. එවිට cake එක බිඳෙන්න හෝ ඇලෙන්න ඇති අවදානම අඩු වෙනවා.
* Fondant cake එකක් නම් කාමරයේ අධික උණුසුමෙන් වළකින්න.
* Transport කරන්න කලින් tier එක ස්ථාවරද කියලා අවසන් වරට පරීක්ෂා කරන්න.
* අලංකරණ (flowers, toppers) දාන්නෙ tier එක සවි කරලා ඉවර වූ පසුවයි.
* සැකයක් තිබුණොත් බලෙන් තල්ලු කරන්න එපා. හේතුව හොයලා නිවැරදි කරලා පසුව සවි කරන්න.