SRI Spices Canada

SRI Spices Canada Bringing the authentic taste of Sri Lankan Food to Canada.

Enjoy a unique culinary experience with our signature dishes, exclusive tasting sessions, and warm hospitality.

07/21/2026

ඩාම් වෙනවා ඩූම් වෙනවා
මෙහෙම ගියොත් තව ටික දවසකින් ශ්‍රී අක්කාගේ කඩේ සීබ්‍රාගේ කඩේ වෙනවා🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴
ඉරිදා……හ්ම්
අපිට සිකුරාදා උනාම සෙනසුරාදා ඉරිදා කියලා දෙකක් නෑ.ආයෙ තියෙන්නෙ සදුදා කියලා දවසක් විතරයි.
කාලෙ එක්ක පුදුම තරගයක් තියෙන දවසක් තමයි ඉරිදා.
වෙලාවට ඩිලිවරි ටික යවාගන්න පුදුම තරම් වේගෙන් වැඩ කරන්න වෙන දවසක්.
කොච්චර මහන්සි වුනත් මේස පිරෙන්න,රාක්ක පිරෙන්න කෑම හැදිලා ඇසිරෙද්දි අමුතු සතුටක් හිතට එනවා.
මේ පැය දෙකක් ඇතුලත මගේ අතින් හැදුන සියයකට වඩා යවපු ඉරිදා රෑ සප්පායම😇.
ස්තූතියි🙏❤️🫶🧿🪬

07/17/2026

අනුන්ගේ inbox එකක් බලමුද?🫣🫣🫣
එන්න එන්න ….

🍛✨ Sri Spices Lunch Time Excitement – 19th July  Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලග...
07/17/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 19th July Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶
Any two curries(කැමති වර්ග 2ක් )
👉Chicken curry (චිකන් කරිය )
👉Fish curry (මාළු මිරිසට)
👉Pork curry (ඌරුමස් කරිය)

Any 3 curries (කැමති වර්ග 3ක් )
👉Jackfruit Curry (කිරිකොස් මාලුව)
👉Baby Jackfruit Curry(පොලොස් ඇඹුල )
👉Carrot Curry (කැරට් කරිය)
👉Fried Bitter gourd Salad(කරවිල බැදලා සලාදය )
👉Coconut Sambol (පොල්සම්බෝල )
⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️

🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack

⭐️This Sunday Special offer - Kottu ,Fried rice,Nasi Gurang ,Rice and curry available ,Any of these 15$
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

07/15/2026

හිතවතුනි
මේ ලස්සන සෙනසුරාදාවක්😇

උදෙන්ම ඇහැරිලා සතුටු සිතින් දානයක් ඉව්ව

ඊට පස්සෙ කොත්තු ,රයිස් කිලෝ ගන්න හැදුන

ඒ අස්සෙ රෝල්ස් ,පැටිස් සිය ගන්න බැදුන

මොනවා ගන්න ආවත් දැක්ක ගමන් අරන් කන්න හිතෙන ආප්ප තාච්චි නැටවුන

යාළුවන්ගෙ සාදයට සෙට් මෙනු බරටම හැදුන

මොනවා තිබුනත් බත් ඩිංගක් නැතුව මොකටද කියලා එතුන ලම්ප් රයිස් කන්දක් ගැහුන

ඉරිදා නිවාඩුයිනේ කියලා සැරට බයිට් පිගාන් හැදුනු

හැමදාම කන එකට වෙනසක් එකතු කරන්න එවෙලෙ තම්බපු ඉදි ආප්ප ගිතෙලේ බැදපු ළුනු,කජු,වේළුනු මිදි එලවළු එක්ක පැනලා දුවපු ,

රස පිරුනු ,කතා නම් ඉවර නොවුනු දවසක්
ඒ අපේ සෙනසුරාදාවක්❤️

🍛✨ Sri Spices Lunch Time Excitement – 12th July  Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලග...
07/10/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 12th July Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶

Any two curries(කැමති වර්ග 2ක් )
Chicken curry (චිකන් කරිය )
Mutton curry (එළු මස් කරිය)
Prawns devilled (ඉස්සෝ ඩෙවල් )

Any 3 curries (කැමති වර්ග 3ක් )
👉Cashew Curry (කජු කරිය)
👉Kale Malluma (කේල් කොළ මැල්ලුම)
👉Baby Jackfruit Curry(පොලොස් ඇඹුල )
👉Mango curry(අඹ මාළුව )
👉Coconut Sambol (පොල්සම්බෝල )

⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
ඒ විතරක් නෙමේ මේ සතියේ Special 2ක්ම
01.Nasi goreng family pack $24.99ක් විතරය්
including (Fried sausage,Fried egg ,Pineapple slice )
02.මාතර රසට මාතර බත් family pack එක $24.99ක් විතරය්
including (chicken or Mutton curry ,Cashew Curry,Mango curry,Baby Jackfruit Curry,Dry Sprats Tempered,Kale malluma )

🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley
See less

07/09/2026

දවසක් මට කස්ටමර් කෙනෙක්ගෙන් messenger inbox එකට දිග මැසේජ් එකක් එනවා.
ඒ මැසේජ් එකේ තිබුනෙ එයා අපේ Restaurent එකෙන් කාලා එයාට උන bad experience එකක් ගැන.ඉතින් එයා කියල තිබුන අපේ චිකන් කරි එක වතුර වගේ.flavorful නෑ කියලා.ඉතින් ඒක විශ්වාස කරන්නත් ටිකක් අමාරු වුනත් මමත් ඒ customer ට සමාවෙන්න එයාලා කෑම ගැන සතුටු නැත්නම් මම refund එකක් දෙන්නම් කියලත් කිව්වා.ඒත් එයා හරිම කාරුනිකව ඒක ප්‍රතික්ෂේප කරලා එයාගෙ අරමුන ඒක නොවෙන බවත් අවංක අදහස කියන්න ඕනෙ නිසා කියපු බවත් කියලා මට සුබ පැතුවා.
ඒ comment එක නිසා මගේ හිත රිදිලා මට දවස් ගානක් ගියා හිත හදාගන්න.
අහපු අනිත් හැමෝම කිව්වෙ ඒ චිකන් එක රසයි කියලා.
හිත කොච්චර රිදුනත් මම හිතුවා මම මේක පිලිගන්නවා කියලා.වචනෙන් නෙමෙයි හදවතින්ම.මොකද එහෙම පිලිනොගන්න මම මාස්ටර් චෙෆ් කෙනෙක් නෙමෙයිනේ.
ඉතින් අපි වැඩ කරන කිහිප දෙනා කතා වෙලා අපේ චිකන් කරි එකේ රස වැඩි කරගන්න තව ක්‍රම ඉගෙන ගත්තා.
ගෙදර තුන හතරකට දහයකට වුනත් ගෑවුනු තැන කන්න පුළුවන් විදියට උයන්න පුළුවන් වුනත් පන්සීයකට විතර එකපාර චිකන් කරි එකක් උයද්දි අපිට එන ප්‍රශ්න ගොඩයි.
චිකන් කෑලි නොකැඩී ,soft හැම කෑල්ලකම එකට ඇතුල හොදට තැම්බෙන්න හදාගෙන ඒවා පිලිවෙලකට භාජන වල අසුරල නිවල පැක් කරලා අවශ්‍ය ප්‍රමානයට සීත කරලා අපි එවන්නෙ.
ඉතින් මිනිස්සු කීප දෙනෙක්ගේ පැය ගානක වැඩක්.

ගොඩක් වෙලාවට අපෙන් tiffin ගන්නෙ අපේ කෑම වල රසට කැමති customer ලා.වැඩි ප්‍රමානයක් ඉන්නෙ අවුරුදු දෙකක් පුරා එක දිගටම අපෙන් කෑම ගන්න අය.
ඉතින් රස වැඩි වෙන්න රස කාරක දාන්න අපිට බෑ.ඉරිදා හවසට ඔක්කොම වැඩ ඉවර වුනාම අපේ ගෙදරට අරන් යන සතියේ කෑම එකත් මේක.
ඉතිං සීමා මායිම් ගොඩක් අස්සෙ ඉදන් අපි අදටත් හොයනවා රසට ගුනට පිරිසිදුවට කෑම හදන ක්‍රම.
ඉතින් මම මේ කෑම එක හදන්නෙ මගෙ දරුවට අනලා කවන කෑම එක තරම් පරිස්සමෙන්.

ඉතිං මම හැම වෙලේම චිකන් කරි එකක් ලිපෙන් බිමට ගද්දි අදටත් අවුරුද්දකට විතර පස්සෙත් ක්ෂනයකට හිතට එනවා flavor එක හරිද❤️.
ඉතිං එහෙම කස්ටමර් කෙනෙක් අවංකව අදහසකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද.

හදවතින් ස්තූතියි❤️🫶🙏

07/05/2026

ඔන්න මේක ආදරේ ගැන කතාවක්❤️

මේ දවස් වල අපිට පිට පලාත් වල numbers වලින් call එනවා.
මුලදි මුලදි නම් අද මෙනු එක මොකද්ද කියලා අහද්දිම මම මෙනු එකට කලින් කියනවා අපි ඉන්නෙ BC කියලා😊
මොකද මේ කෝල් එන්නෙ
Calgory,Alberta,Washington,siattle,Saskatchewan,Quebec වගේ දුර පලාත් වල numbers වලින්.
ඉතින් එහා පැත්තෙන් -ඔව් ඔව් අපි Vancouver ඇවිත් ඉන්නෙ.
අපි ඔයාගේ වීඩියෝ බලනවා
BC එන්න plan කරද්දිම හිතුවා Sri එකෙන් කොහොමහරි කනවා කියලා
අනේ ඔයාලා අද වහලද?අපි BC ආවේ Sri Spices එකෙන් කාලා යන්නත් එක්ක
Buffet නැද්ද,කමක් නෑ කෑම තියෙනවානේ.අපි එන්නම් පික් කරන්න.
මේ ඔක්කොම පිට පලාත් වල numbers වලින් ආව calls.
ඉතින් මට හරිම ආඩම්බරයි.ඒ මගේ ගැන නෙමෙයි.BC වල මගේ ආදරණීය Sri Lankan community එක ගැන.
Sri Spices අපේ පුංචි Sri Lankan community එකෙන් උඩට අරන් තියපු තැනක්.
ඔයාගෙ ගෙදර විශේෂම දවසට,මගුල් ගෙදරට,බබාගෙ ,ඔයාගේ ආදරනීයම කෙනාගෙ උපන්දිනේට,දානෙට,මලගෙදරට,මගුල් ගෙදරට ,මිතුරු හවුලට,ක්‍රිකට් මැච් එකට,ගෙදර දරුවොන්ට ආදරෙන් අනලා කවන බත් එක,හස්බන්ඩ්ට ආදරෙන් බෙදලා අතට දෙන බත් එක විශ්වාසයෙන් අපෙන් ඇනවුම් කරපු නිසාම අපි ඒවා උජාරුවට facebook එකේ දැම්මා.
ඉතින් මූණු වලින්,නම් වලින් මතක හිටින තරම් තරම් ලග customer base එකක් තමයි කැනඩාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම අපේ මිනිස්සු දහස් ගානක් ආදරය කරන ,මිනිස්සු ආශිර්වාද කරන ව්‍යාපාරයක් බවට පත් කරේ.

ඉතින් ඒ එන හැම කෝල් එකකින්ම මට බරක් එකතු වුනා.ඒක ලොකු බරක්.

අපේ ගමට ආව මිනිස්සුන්ට ආදර බත් එකක් දෙන එක මගේ වගකීමක් කියලා මට දැනුනා.

ඉස්සර අපි මාතර අපේ ගෙවල් වලට පිට පලාතකින් කෙනෙක් ආවම අපිටම ආවේනික රසකට මාතර බත් එකකින් ආදරේ පෙන්නුව.

දැන් අපි BC බත් එකකින් අපේ ආදරේ දෙනවා.
ඒ හුරු පුරුදු රසටම.
ඒ හුරු පුරුදු ලෙංගතුකමින්ම.
පරිප්පුවක් කැටේට හින්දලා
බටු මෝජුවක්,අබ මාළුවක්,හාල්මැස්සො තෙමුපරාදුවක් ,පොල් සම්බෝලයක්,පොලොස් ඇඹුලක් එක්ක විතරක් කන්න පුළුවන් වුනත් කළුවට උයපු කුකුල් මස් එකක් හරි එළු මස් එකක් හරි කෑම එකට තිබුනා.
ඉතින්…
ස්තූතියි❤️🙏 කියන එක මගේ පුරුද්දක්
ජීවිතේ ලැබුනු වටින කියන දේවල් වලට
ඒක මුදල් වලට වඩා ගොඩක් ලස්සන හැගීමක්😇
ස්තූතියි🙏🙏🙏🙏
අපිව හොයාගෙන එන 🌍
අපිව හොයාගන්න පාර කපල දුන්න 🇱🇰 in 🇨🇦 😇🥰🫶

🍛✨ Sri Spices Lunch Time Excitement – 5th July  Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ...
07/02/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 5th July Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶
👉Chicken Curry(චිකන් කරිය )
👉Fish Curry (මාළු මිරිසට)
👉Pumpkin Curry(වට්ටක්කා බෝරේට )
👉Cabbage Tempered ( ගෝවා තෙල් දාලා )
👉Kel Kola Mallum(කේල් කොළ මැල්ලුම)
👉Coconut Sambal (පොල්සම්බෝල )
⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

Address

12889 84th Avenue
Surrey, BC
V3S2C1

Telephone

+17782399949

Website

Alerts

Be the first to know and let us send you an email when SRI Spices Canada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share