14/05/2026
ප්‍රමාද වෙලා වැඩට පැමිණි ලේකම්වරියට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කරපු දේ දැක්කම හැමෝගෙම ඇස් උඩ ගියා..
ඔයාලා දන්නවා නේ ස්ටීව් ජොබ්ස් කියන්නේ කවුද කියලා? ලෝකයක් පිස්සු වට්ටපු iPhone එකේ නිර්මාණකරු. හැබැයි ජොබ්ස් කියන්නේ වැඩක් කරද්දී අතිශය දැඩි, හැඟීම් වලට වඩා ප්‍රතිඵල වලට මුල්තැන දෙන සිරා බොස් කෙනෙක් විදියටයි ප්‍රසිද්ධ. ජොබ්ස්ගේ කේන්තිය ගැනත් ඇපල් සමාගමේ හිටපු අය ඕනෑතරම් කතා කියලා තියෙනවා.
හැබැයි අද මම කියන්න යන්නේ ජොබ්ස්ගේ ඒ දරදඬු පෙනුමට යටින් තිබුණු මාරම ලීඩර්ෂිප් එක ගැන කතාවක්. මේ කතාව කියවලා ඉවර වෙද්දී ඔයාලට හිතෙයි, අපිටත් මෙහෙම බොස් කෙනෙක් හිටියා නම් කියලා.
🔹 දවසක් ඇපල් සමාගමේ ලේකම්වරියක් වැඩට එන්න සෑහෙන වෙලාවක් පරක්කු වුණා. සාමාන්‍යයෙන් ඇපල් වගේ ලෝකේ ඉහළම තැනක තියෙන කම්පැනි එකක බොස් ජොබ්ස් නම්, පරක්කු වෙලා එනවා කියන්නේ ජොබ් එකට සොරිම තමයි කියලා ඕනෑම කෙනෙක් හිතනවා.
ඔන්න ඉතින් මේ ලේකම්වරිය පරක්කු වෙලා එද්දී ජොබ්ස් ඉස්සරහට හම්බුණා.
"ඇයි පරක්කු?" ජොබ්ස් ඇහුවා.
ඇය දුන්නේ හරිම කෙටි උත්තරයක්.දිග හෑලි කිව්වේ නැහැ ඇය කෙලින්ම ඇත්ත කිව්වා.
"මගේ කාර් එක ස්ටාර්ට් වුණේ නැහැ ස්ටීව්..."
එච්චරයි. ජොබ්ස් මොකුත් කිව්වේ නැහැ. හැමෝම හිතුවේ ඇයට එදා හොඳ ලෙක්චර් එකක් හම්බවෙයි, නැත්නම් රස්සාවෙන් අයින් කරයි කියලා.
🔹 එදා දවස ගෙවිලා ගියා. හැබැයි හවස වෙද්දී ඇපල් අධ්යක්ෂවරයෙක් වුණු රොන් ගිවන්ස් (Ron Givens) ඇස් දෙකෙන් දැකපු ඒ සිදුවීම අදටත් ලෝකයටම පාඩමක්.
හවස ජොබ්ස් හෙමින් සැරේ මේ ලේකම්වරියගේ මේසය ළඟට ගියා. කිසිම සද්දයක් නැතුව ඇගේ මේසය උඩට යතුරක් විසි කළා. ඒ යතුරේ තිබුණේ ලෝක ප්‍රකට Jaguar (ජගුවර්) වර්ගයේ අලුත්ම අලුත් සුපිරි මෝටර් රථයක ලෝගෝ එක.
ලේකම්වරියට අදහගන්න බැරි වුණා. මුළු ඔෆිස් එකම හොල්මන් වුණා. ජොබ්ස් ඇගේ ඇස් දිහා බලලා කිව්වේ මෙච්චරයි...
"මෙන්න යතුර. මින්පස්සේ පරක්කු වෙන්න එපා!"
🔹 අපි හුඟක් වෙලාවට කරන්නේ කවුරුහරි ප්‍රශ්නයක් කිව්වම ඒකට බණින එක, නැත්නම් ඒක විවේචනය කරන එක. හැබැයි ජොබ්ස් එතැනදී පාවිච්චි කළේ වෙනස්ම මයින්ඩ්සෙට් එකක්.
මේ කතාව ප්‍රසිද්ධ වුණේ ජොබ්ස් දුන්නු මිල අධික ජගුවර් කාර් එක නිසා නෙවෙයි. ඒ පිටුපස තිබුණු Leadership එක නිසා.
නියම නායකයෙක් කියන්නේ තමන් යටතේ ඉන්න අයට ඇඟිල්ල දික් කරලා වැරදි පෙන්වන කෙනෙක් නෙවෙයි, ඔවුන්ගේ ගමනට බාධාවක් වෙලා තියෙන ගල් කැට පාරෙන් අයින් කරලා දෙන කෙනෙක්.
මේ ලිපියෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, අනිවාර්යයෙන්ම පල්ලෙහායින් Comment කරන්න.
ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා,
ලෝකය සහ ආර්ථිකය ගැන දැනගන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා.💚🙏