29/08/2020
ඔන්න ඉතින් අපි කිව්වා වගේම අද අපේ series එකේ Episode 02 එක ඔයාලට share කරනවා
මේ එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ
1) ලෝකේ තියන පැස්ටා වර්ග
2) ඒවා මොන වගේ අවස්තාවලටද සුදුසු
යන මාතෘකා ගැන. පැස්ටා වර්ග වල නම් කියද්දී අනිවාර්යෙන්ම රූප රාමු භාවිතා කරන්න වෙනවා. අපි ඉතින් ටිකක් මහන්සිවෙලා ඒවා ඔයාලට සුදානම් කරලා තියෙන්නේ. Post එක කියවගෙන යන ගමන් ඒ අදාළ රූපරාමුවත් බලාගෙනම යන්න. ඉතාකොට ලියලා තියන දෙය තේරුම් ගන්න ලේසි වෙයි කියලා හිතනවා...
ලෝකේ තියන පැස්ටා වර්ග ප්රධාන වශයෙන් වර්ග 03 කට ඛාණ්ඩ වෙනවා
1) Noodle ස්වරූපයෙන් තියෙන පැස්ටා
2) විවිද හැඩ වල කැබලි ස්වරූපයෙන් තියෙන පැස්ටා
3) Sheet ස්වරූපයෙන් තියෙන පැස්ටා
1) Noodle ස්වරූපයෙන් තියෙන පැස්ටා (Ref Image 01 රූපරාමුව බලන්න)
මේ ඛාණ්ඩයට අදාළ වර්ග නම් Spaghetti, Fettuccine, Tagliatelle, Vermicelli වගේ ඒවා. මේ ඛණ්ඩයේ සමහර වර්ග වලට Sizes තියනවා. මේ Size එකෙන් කියවෙන්නේ පසට එකේ ඝනකම ගැන. නොම්බරය වැඩිවෙනකොට ඝනකම වැඩි. (Ref Image 02 රූපරාමුව බලන්න) මේවා ගොඩක් වෙලාවට කන්නේ රාත්රී අහාර වේලට තමයි. දවල්ටත් සමහර කට්ටිය කනවා. උදේට නං හරියන්නෙම නෑ. පොඩි ළමයි සහබාගි වෙන සාද වලට එච්චරම සුදුසු නෑ . මොකද මේක කන්න ටිකක් අමාරුයි. මේක කන විදිහට කියන්නේ "winding" කියලා. ඒ කියන්නේ ගෑරප්පුව කෙලින් අතට හරවලා Pasta එක කරකවන්න තියෙන්නේ....
2) විවිද හැඩ වල කැබලි ස්වරූපයෙන් තියෙන පැස්ටා (Ref Image 03 රූපරාමුව බලන්න)
මේ ඛාණ්ඩයට අදාළ වර්ග නම් Shell, Penne , Fusilli, Gemelli වගේ ඒවා. මේවා නම් ඕනේ කෙනෙක්ට ලේසියෙන් ගන්න පුළුවන් සහ කන්න පුළුවන් පැස්ටා ජාතිය. පොඩි ළමයි සහබාගි වෙන උත්සවයකට මේ ජාතිය වඩාත් සුදුසුයි. මේවා P udding, Dessert එහෙම හදන්නත් භාවිත කරනවා. මේවයේ Sizes ජාති නෑ. එකම හැඩයේ වෙනස් Size වලට වෙනම ආවේනික නමක් තියනවා. එක නිසා වෙළඳ පොලෙන් මේවා ගන්න ගියාම පච්කෙට් එකේ තියන නම කියවලා ගන්න.
3) Sheet ස්වරූපයෙන් තියෙන පැස්ටා (Ref Image 04 රූපරාමුව බලන්න)
මේ පැස්ටා එක මිලදී ගන්න තියෙන්නේ sheet පච්කෙට් එකක් විදිහට. මේ ශීට් බොහෝ විට ගෙවල් වල විශේෂ අවස්තාවලදී හෝ නැත්තන් අමුත්තන් ගොඩක් සහභාගී වෙනකොට Lasagna එහෙමත් නැත්තන් Stuffed Pasta හදන්න පාවිච්චි කරනවා. Stuffed Pasta කියන්නේ චීනේ Dumplings එහෙමත් නත්තන්ග් Wonton වල අභාෂය ලත් පැස්ටා විශේෂයක්. මේවා ඇතුලට පිරවුමක් (Filling එකක් ) දානවා. බොහෝවිට Meat, Egg, Cheese හෝ Vegetable තමයි පිරවුමේ තියෙන්නේ .
අදට ඉතින් මෙ Episode එක ඉවර කරනවා. ඔයාලට මේකෙන් වැඩක් වුණා කියල හිතනවා.
යාළුවන්වත් එකතු කරගන්න, Page එකට Like! කරන්න
https://www.facebook.com/BatterArtist